Loading...

විෂය නිර්දේශය

අ.පො.ස උසස් පෙළ සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂයක් ලෙස 2009 වසරේදී ප්‍රථම වරට හඳුන්වා දෙන ලදී. එම විෂය නිර්දේශය 2013 වසර දක්වා ක්‍රියාත්මක වූ අතර එහි පැවති අඩුපාඩු සමහරක් නිවැරදි කර සංශෝධිත විෂය නිර්දේශයක් 2013 වසරේ අග භාගයේ ඉදිරිපත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය කටයුතු කළේය. එය 2015 උසස් පෙළ විභාගයේ සිට ඉදිරියට ක්‍රියාත්මක වේ. දැනට පවත්නා විෂය නිර්දේශයේ ප්‍රධාන පාඩම් 14 ක් යටතේ විෂය කරුණු ගොනු කර ඇත.


  • තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ මුලික සංකල්ප
  • පරිගණකයේ පරිණාමය
  • පරිගණකයේ දත්ත නිරූපණය
  • තර්ක ද්වාර
  • මතක කළමනාකරණය
  • මෙහෙයුම් පද්ධති
  • ක්‍රමලේඛනය
  • පරිගණක ජාල
  • දත්ත සමුදාය කළමනාකරණ පද්ධති
  • අන්තර්ජාලය හා වෙබ් අඩවි
  • පද්ධති සංවර්ධනය
  • ඉලෙක්ට්‍රොනික වාණිජ්‍ය
  • තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ අනාගතය
  • සරල තොරතුරු පද්ධතියක් නිර්මාණය